ලොකු ලූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 35 කින් ඉහළට

by Staff writer 01-08-2020 | 1:27 PM

COLOMBO (News 1st) - ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ නංවා තිබේ.

මුදල් අමාත්‍යාංශය ලේකම් එස්. ආර් ආටිගල මහතා සඳහන් කළේ, මීට පෙර ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද රුපියල් 15 ක් ලෙස පැවති බවයි. ඒ අනුව ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 35 කිනි. දේශීය ලොකු ලූණු ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා ප්‍රකාශ කළේ ය.