by Staff writer 01-08-2020 | 3:09 PM
COLOMBO (News 1st) : නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එහි කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා සඳහන් කළේ, එහි ඡන්ද මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබීම ඊට හේතුව බවයි.
ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත දිනට පෙර දින සහ ඡන්දය පැවැත්වෙන දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත නොකෙරෙනු ඇති.