by Staff writer 01-08-2020 | 3:16 PM
COLOMBO (News 1st) : බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි.
ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
මේ අතර කහව සිට අකුරල ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට ඇදීඒමෙන් ගාලු පාරේ වාහන ධාවනයට බාධා මතුව තිබේ.
පොලීසිය පැවසුවේ, මුහුදු රළත් සමග ගාලු පාරේ ගොඩ ගැසී ඇති වැලි හා අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි.