ඩුබායි,දෝහාවල සිරවී සිටි ලාංකිකයින් 349 ක් දිවයිනට

ඩුබායි සහ දෝහාවල සිරවී සිටි ලාංකිකයින් 349 ක් දිවයිනට

by Staff writer 01-08-2020 | 8:41 AM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහාවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 349 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඩුබායි සිට ලාංකිකයින් 335 දෙනෙකු සහ දෝහා සිට පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු ඒ අතර වන බවයි. මේ අතර චීනයේ ෂැංහයි නුවර සිට චීන ජාතිකයින් 29 දෙනෙකු ද ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඒ, මෙරට චීන ආයෝජන ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහායි. ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති.