කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති - WHO

කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති - ලෝක සෞඛ්‍ය සංවිධානය

by Staff writer 01-08-2020 | 8:25 AM

News 1st  - කොරෝනා වෛරසයෙන් සිදු වූ බලපෑම දශක ගණනාවක් යනතෙක් දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) පවසයි.

ඒ, වෛරස් ව්‍යාප්තිය ඇරඹී මාස 6 ක් ගත වූ පසුබිමකදීය. ශතවර්ෂයකට වරක් හටගන්නා මෙවැනි වසංගත තත්ත්වයක බලපෑම දීර්ඝ කාලයක් බලපවත්වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේ ය. කොරෝනා ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් බව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවේචන එල්ලවන පසුබිමකදී මෙය හෙළිකෙරුණි. මේ අතර දෙවන කොරෝනා රැල්ලක් පැතිරයාමේ පසුබිමෙහි ස්පාඤ්ඤය, වියට්නාමය, ලිබියාව, එංගලන්තය, ග්‍රීසිය, ප්‍රංශය ඇතුළු ලොව රටවල් රැසක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී තිබේ.