ශානි අබේසේකර අත්අඩංගුවට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

by Staff writer 31-07-2020 | 8:10 AM

COLOMBO ( News 1st ) :  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. ගිනිඅවි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසීය සඳහන් කළේ ය.