හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට මරණ දඬුවම

by Staff writer 31-07-2020 | 4:25 PM
COLOMBO (News 1st) : රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා අද මරණ දඬුවම නියම කළේ ය. ඒ 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමිනි. මරණ දඩුවම නියම වූ අනෙක් පුද්ගලයින් වන්නේ කහවත්ත ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රි නිලන්ත ජයකොඩි යන අයයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2010 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වු ප්‍රේමලාල් ජයසේකර මහතා එම කාල සීමාවේ විදුලිබල හා බලශක්ති මෙන්ම රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු මෙවර මහ මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදී. https://www.facebook.com/NewsfirstSL/videos/1217864138613241/