මැතිවරණ රාජකාරිට කොළඹින් නිලධාරීන් 2500 ක්

මැතිවරණ රාජකාරි සඳහා කොළඹින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2500 ක්

by Staff writer 31-07-2020 | 9:20 AM

COLOMBO ( News 1st ) : මහ මැතිවරණ රාජකාරි සඳහා මෙවර කොළඹින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2500 ක් පමණ එක් එක් දිස්ත්‍රික්කවල රාජකාරි සඳහා යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය සඳහා ය. ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදී ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.