by Staff writer 31-07-2020 | 10:50 AM
COLOMBO ( News 1st ) : විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව, විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, නිශ්ශංක සේනාධිපති මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සළකා බලමිනි.
කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තම අධිකරණය හමුවේ පවතින අභියාචනා පෙත්සම විභාගයට ගෙන, අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බල පැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය.
පෙත්සමේ වගඋත්තකරුවන්ට සැප්තැම්බර් 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නොතීසී යැවීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියම කළේ ය.
සිය සේවාදායකයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මහාධිකණය හමුවේ එම නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේම ලිඛිත අනුමැතිය නොමැතිව බැවින් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි, නිශ්ශංක සේනාධිපති මහතා සිය අභියාචනා පෙත්සමෙන් ඉල්ලා තිබිණ.
පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම සඳහා එම සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගැනීම, ලබාදීම ඇතුළු චෝදනා යටතේයී.