මැතිවරණයට ගමට යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

මැතිවරණයට ගමට යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

මැතිවරණයට ගමට යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

කර්තෘ Staff writer

31 Jul, 2020 | 8:49 am

COLOMBO ( News 1st ) : මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ සිට අතිරේක දුරගමන් සේවා බස් රථ 200 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

පෞද්ගලික බස් රථ ද එම වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ය.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ ගල්කිස්ස – කන්කසන්තුරේ හා කොළඹ කොටුව – බදුල්ල දෙනුවර මැණිකේ දුම්රිය අද යළි ධාවනයට එක් කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]