ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි

ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි

ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි

කර්තෘ Staff writer

31 Jul, 2020 | 10:44 am

News 1st :  ඉදිරි මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හොං කොං දේශයේ දේශපාලන අර්බුද තවදුරටත් උත්සන්න කරමිනි.

හොංකොං රජය ප්‍රකාශ කළේ, එම පුද්ගලයන් 12 දෙනෙකු මැතිවරණයට තරග වැදීමට නුසුදුසු බැවින් එම පියවර ගත් බවයි.

හොංකොං විපක්ෂ දේශපාලනඥයින් මෙවර මැතිවරණයෙන් නීති සම්පාදක කවුන්සිලයේ බහුතරය හිමිකර ගැනීමට අපේක්ෂා කළ පසුබිමකදී මෙය වාර්තා වෙයි.

එලෙසම හොංකොං දේශය සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ නව පනතක් සම්මත කර ගැනීමට චීනය පියවර ගත් පසුබිමකදී මෙය වාර්තා වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]