by Staff writer 31-07-2020 | 9:30 AM
COLOMBO ( News 1st ) : ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකා ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව එරට රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපතිවරයා එම යෝජනාව ගෙන ආවේ තැපැල් ඡන්දය ආශ්‍රිතව සිදුවිය හැකි වංචා සහගත ක්‍රියා මගින් ගැටලු ඇති විය හැකි බව පවසමින් ය.
අමෙරිකාවේ සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් සහ සුළුතර නායක කෙවින් මැකාති යන දෙදෙනාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස ප්‍රතික්ෂේප කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ඕනෑම ප්‍රමාදයක් කොංග්‍රසය විසින් අනුමත කළ යුතු බැවින් ට්‍රම්ප්ට මැතිවරණය කල් දැමීමට බලයක් නොමැති බවයි.
මේ වනවිට COVID-19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින අමෙරිකාව තුළ එය පාලනය කිරීම සඳහා මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිතයේදී සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර අමෙරිකාවේ ආර්ථිකය අප්‍රේල් සිට ජුනි දක්වා සියයට 32.9 ක දැවැන්ත පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයි එරට ආර්ථික විශ්ලේෂණ කාර්යාංශය සඳහන් කළේ ය.
COVID-19 වසංගතය නිසා ව්‍යාපාර කටයුතුවලට එල්ල වී ඇති බලපෑම ඊට හේතුවයි.
ලක්ෂ 46කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තාවන අමෙරිකාවේ මියගිය පිරිස එක් ලක්ෂ පණස් පන් දහස ඉක්මවා ඇති අතර ඊයේ දිනයේදී 1160කට ජීවිත අහිමි විය.