ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයෙකුට කොරෝනා

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

by Staff writer 30-07-2020 | 1:30 PM

COLOMBO (News 1st) : පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව අද හඳුනා ගැනිණ.

මෙම කොරෝනා ආසාදිතයා හඳුනා ගැනුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණවලට යෙදාගත් අවස්ථාවේදීයි. ඔහු කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. ජාසිංහ මහතා සඳහන් කළේ, මෙම රෝගියාගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන්ද PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙන බවයි. ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක්ද තාවකාලිකව වසා දැමු බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසී ය.