by Staff writer 30-07-2020 | 8:31 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන නිවුන් සහෝදරයින් දෙදෙනෙකු ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා ඉල්ලුම් කර තිබේ.
දෙදෙනාම මේජර් ජෙනරල්වරුන් ය.
ඔවුන්ගේ හමුදා ජීවිතය තුළ සියලු රාජකාරී එක ලෙස සිදුවී , එක් දිනකම විශ්‍රාම යාමට ද ය නියමිතව තිබීම මෙහි විශේෂත්වයයි.
මේජර් ජෙනරල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරල් ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම වෙනුවෙන් ලේඛන භාරදීමේ උත්සවය අද උදෑසන පැවැත්වුණේ යුද හමුදා මූලස්ථානයේදී ය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
එකම පාසලක, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය ලබා,එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව ඇති මොවුන් , එකම දිනයක අධිකාරියට පත්ව තිබීම විශේෂත්වයකි.
දෙදෙනාම එක්ව පකිස්තානයේ ක්වේටාහි පාඨමාලවක් හදාරා ඇති අතර යුද හමුදාවේ උසස් වීම් ලබා ඇත්තේ එකම දිනකයි.
මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා එකම දිනයකදී යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/286526055743728/