මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගල මරණ තුනක්

මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගල මරණ තුනක්

by Staff writer 30-07-2020 | 8:40 AM

COLOMBO (News 1st) : මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයින් තිදෙනෙකු පමණ මියයන බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දෛනිකව මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙකු පමණ හඳුනා ගන්නා බවයි. පුරුෂයින්ට වැළඳෙන ප්‍රධානම පිළිකා රෝගය මුඛ පිළිකා වේ. එය වැළඳීමේ අවදානම් සාධක වන්නේ බුලත් විට සැපීම, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම දුම්වැටි සහ මත්පැන් භාවිතයයි. කොරෝනා ව්‍යාප්තියටද මුඛ පිළිකා වක්‍රව බලපෑම් එල්ල කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. බුලත් විට සැපීම සහ කෙළ ගැසීම මගින් ආසාදනය පැතිරීම වේගවත් වීම ඊට හේතුවයි.