by Staff writer 30-07-2020 | 8:13 PM
COLOMBO (News 1st) : මත් උවදුරු හා පාතාලය මර්දනය කර ඓතිහාසික උරුමය හා අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා කැලණිය රජමහා විහාරස්ථානය ඉදිරිපිට පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක සිසිර ජයකොඩි මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණ.
එහි සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඵෙතිහාසික කැලණියට හිමි පෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමයකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
මේ අතර අපේක්ෂක නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල නගරයේ සංවිධානය කර තිබු ජන හමුවකට ද ජනාධිපතිවරයා සහභාගී විය.
ගම්පහ දිස්ත්‍රීක්කයේ සියලු ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කර ගංවතුර පාලනයටත් ජා ඇල නගර සංවර්ධනයටත් පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/298294718047613/