අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාරම කළ උකුස්සා..?

පොලීසිය 'අංගොඩ ලොක්කා'ගේ හෙරොයින් ජාවාරම කළ බව කියන උකුස්සා අල්ලයි

by Staff writer 30-07-2020 | 4:51 PM
COLOMBO (News 1st) : අංගොඩ ලොක්කා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගත්තේ යැයි සැක කෙරෙන උකුස්සෙක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් මීගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. මෙහිදී වායු රයිෆලයක් , පතොරොම් 10 ක් සහ ගොවිපළක ඇති කරන ලද මෙම උකුස්සා සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ගොවිපළේ හිමිකරු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 සහ 30 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්ම කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2582201532094529/