by Staff writer 30-07-2020 | 6:21 PM
COLOMBO (News 1st) : කොලොන්නාව සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 25 ක වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 250 ක් සොයාගත් බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට උපාය දුතයෙකු යොදා ගැනීමෙනි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමනාකාරවරයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර අනෙක් සැකකරු කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කළේ ය.
මත්ද්‍රව්‍ය ලබාදීමට පෙර මුදල් පෙන්වන ලෙසට සැකකරුවන් ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඔරුගොඩවත්ත , ලූකස්පාර ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයෙකු ලෙස ගොස් එම මුදල් පෙන්වා තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයට පැමිණෙන කළ දැනුම්දීමට අනුව වැටලීම ක්‍රියාත්මක කර මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිසිය පැවසී ය.