by Staff writer 30-07-2020 | 3:24 PM
COLOMBO (News 1st) : මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමිටර් 65 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි.
ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දකුණු පළාත, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමිටර් 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.