COLOMBO (News 1st) : කුරුණැගල පුරා වස්තු විනාශයට සම්බන්ධ කිසිවෙකු තවමත් සොයා ගැනීමට අසමත්වී තිබේ.
පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද මේ විනාශය ගැන අදහස් පළ කරමින් කියා සිටියේ වගකිව යුත්තන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි.
''දැනගන්නට ඕනේ කවුරු වැඩක් කරතත් ඒ කරන වැඩේ ජාතියට ජාතියේ හදවත පාරවන විදියට නොකරන්න කවුරු උනත් දැනගන්නට ඕනේ. මේවා නැවත ගොඩනැගීම කරත් ඒවා අලුත් නිර්මාණ බවට පත්වෙනවා මිසක් ඒවායේ අර පෞරාණික ගතිය ඇතිවෙන්නේ නෑ. මේක ඇතැම් පුද්ගලයෝ දේශපාලන වාසියට මේ අවස්ථාවේදී හරවගෙන තියෙනවා. ඒක බරපතල වරදක්. මේකට් කිසිම දේශපාලනයක් නෑ. මේක කරපු පුද්ගලයා විදියට කියැවෙන්නේ නගරාධිපතිවරයා. ඒ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා අනිවාර්යෙන්ම ඔහුට අපේ අධිකරණ පද්ධතිය අනුව පුරා විද්‍යා පනත අනුව දෙන්න පුළුවන් දඩුවමක් දීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එහෙම නොකොලොත් අපේ තියෙන මේ අනෙකුත් පුරා වස්තු සේරම කඩා බිද දාලා ඩෝසර් කරලා විනාශ කරන්නට පුළුවන්කම ලැබෙනවා''
උන්වහන්සේ මේ වනවිට නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ද සාමාජිකයෙකි.
කුරුණෑගල ඓතිහාසික ගොඩනැල්ල කඩා දමා අදට සති 2 කුත් දින 2 ක් ගතව තිබේ.
වග කිවයුත්න්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?