කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

අද මැදියම් රැය දක්වා කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

by Staff writer 30-07-2020 | 5:14 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රීය දක්වා කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. හදිසි ජල කාන්දුවක් ප්‍රතිසංස්කරණය කිරීම මීට හේතුවයි.