රත්‍රං මිල තරමක් පහළට

රත්‍රං මිල තරමක් පහළට

by Staff writer 30-07-2020 | 10:25 AM

COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 1964 යි සත 51 ක් ලෙස ය. රත්‍රං සඳහා පැවති ඉල්ලුම තරමක් පහත වැටීම ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහත වැටීමට හේතු වූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ ය.