English
தமிழ்
කර්තෘ Staff writer
29 Jul, 2020 | 3:41 pm
ඔහු මේ බව පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, 6,7,8,9 ශ්‍රේණි සඳහා පාසල් වේලාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වන අතර 10, 11, 12 සහ 13 ශ්‍රේණිවලට පාසල් වේලාව පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා බවයි.
තව ද සියලු ගුරුවරු සාමන්‍ය පරිදි තම තමන්ගේ පාසල්වලට වාර්තා කළ යුතු අතර සියලුම ගුරුවරුන් පස්වරු 3.30 තෙක් පාසලේ රැඳි සිටීමට අවශ්‍ය නොවන බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.
පස්වරු 1.30 සිට පස්වරු 3.30 දක්වා කාලසටහන හිමි ගුරුවරුන් පමණක් පාසලේ රැඳි සිටිය යුතු වේ.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ ඔක්තෝබර් 09 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බවයි.
මේ අතර ළමුන් 200 ට වඩා අඩු ප්‍රාථමික අංශ තිබෙන පාසල්වල දරුවන් පැමිණිය යුතු ආකාරය පිළිබඳව ද රංජිත් චන්ද්‍රසේකර මහතා අදහස් පළ කළේය.
”ශිෂ්‍ය සංඛ්‍යව 200 අඩු මීටරයක පරතරය තියාගෙන පවත්වන්න පුළුවන් සියලු පාසල්වල සියුලම ශ්‍රේණිවල සිසුන් අපි 10 වැනි දා පාසලට කැඳවනවා.ඒ අනුව 200 ට වඩා ළමුන් ඉන්න පාසල්වල ප්‍රාථමික අංශය සඳුදා දින 1 ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත්, අඟහරුවාදා දින 02 ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත්, බදදා දින තුන්වන ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත්, බ්‍රහස්පතින්දා දින 04 වන ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත් සිකුරාදා 04 වන ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත් කැඳවනවා. 1, 2 , 3 ශ්‍රේණි සඳහා සතියකට එක දවසයි පාසලට කැඳවන්නේ ඔවුන්ගේ ඉතිරි දවස් 04 ඔවුන් සඳහා ගෙදරදී කරන්න පුළුවන් නිර්මාණාත්මක වැඩකටයුතු පාසල් විසින් පවරනු ලබනවා”
1සිට 10 ශ්‍රේණිය දක්වා දරුවන්ට අගෝස්තු 10 පාසල් ඇරඹෙන ක්‍රමය මෙන්න
🔺1සිට 10 ශ්‍රේණිය දක්වා දරුවන්ට අගෝස්තු 10 පාසල් ඇරඹෙන ක්‍රමය මෙන්න.. #lak #News1st #DA #School #SchoolReopen #DullasAlahapperuma
Posted by Newsfirst.lk on Wednesday, July 29, 2020
19 Dec, 2020 | 01:29 PM
29 Jul, 2020 | 09:57 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]lk
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS