වියට්නාමයේ යළිත් කොරෝනා අවදානමක්

වියට්නාමයේ යළිත් කොවිඩ් පැතිරයාමේ අවදානමක්

by Staff writer 29-07-2020 | 6:01 PM

 COLOMBO (News 1st) - වියට්නාමයේ යළිත් කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි එරට රජය අනතුරු අඟවා තිබේ.

එරටින් ගතවූ මාස තුන තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොවූවද පසුගිය දින කිහිපයේ දී හමුවු ආසාදිතයින් 30 දෙනා සමගින් නැවත වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබේ. ඩා නාංග් නගරයෙන් මෙලෙස ආසාදිතයන් වාර්තා වීමත් සමග විදේශිකයන්ට නගරය වසා දැමුණු අතර, මෙවන විට නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. එසේම, විදේශිකයන් වැඩි වශයෙන් සංචාරය කරන ප්‍රදේශ වෙත වැඩි අවධානය යොමුකිරීමට ද එරට බලධාරීන් තීරණය කර ඇත. වියට්නාමයේ මේවනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 450ක්.