COLOMBO (News 1st) - පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
දිවයිනේ පුරාවිද්‍යාත්මක කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබා ගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා ගැනීම මෙම උපදේශක කමිටුව මගින් අපේක්ෂිතයි.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි, පුජ්‍ය මැටරඹ හේමරතන, ආචාර්ය පුජ්‍ය පල්ලේගම හේමරතන, පුජ්‍ය එල්ලාවල මේධානන්ද, පුජ්‍ය ඇලිකේවෙළ සීලානන්ද, පුජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන, ආචාර්ය පුජ්‍ය පහමුණේ ශ්‍රි සුමංගල, මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන, ආචාර්ය පුජ්‍ය මාදුරුඔයේ දම්මිස්සර යන හිමිවරුන් එම කමිටුවේ සාමාජිකයින් වේ.
මීට අමතරව ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය ටී.ජි. කුලතුංග, ආචාර්ය ගාමිණි විජේසුරිය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා, ඉංජිනේරු ගැමුණු සිල්වා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර, ඩබ්ලිව්. එම්. එස් වීරසේකර සහ සිරිනිමල් ලද්දුසිංහ යන මහත්වරුන් මෙම උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින්ය.
පුරාවිද්_යා උරුමයන් ආරක්ෂා කිරීමට පුරාවිද්_යා උපදේශක කමිටුවක් පත් කෙරේ.......