පාතාලය මඩින්න තොරතුරු දෙන්න ජනපති කළුතරදී ඉල්ලයි

පාතාලය මඩින්න ගම් මට්ටමින් තොරතුරු දෙන්න - ජනපති කළුතරදී ඉල්ලයි

by Staff writer 29-07-2020 | 10:37 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පළකිරීම සඳහා ජනතා හමු කිහිපයකට සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය සේවයේ සිදුවන දූෂණයන්ට සහ අක්‍රමිකතාවන්ට තිත තබන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ අපේක්ෂක මහින්ද සමරසිංහ මහතා පානදුර, කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික් සංචාරය ඇරඹුවේය. ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලිකට රජය මුල පුරා ඇති බැවින් කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්නව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට දැනුම් දී තිබේ. අනතුරුව ජනාධිපතිවරයා සහභාගී වූයේ, පානදුර නගර සභා පිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් අංගගේ මහතා සංවිධානය කර තිබූ ජන හමුවකටය. මේ අතර කළුතර හෙද විදුහල අලුත්වැඩියා කිරීම පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. https://www.facebook.com/NewsfirstSL/videos/880109982480342/