වරුණි බෝගහවත්තට යළිත් වරක් ස්ථාන මාරුවක්

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට යළිත් වරක් ස්ථාන මාරුවක්

by Staff writer 29-07-2020 | 9:01 PM

COLOMBO (News 1st) - මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය යළි ත් වරක් ස්ථාන මාරු කර තිබේ.

ඒ, ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ලෙසයි. පසුගිය දා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු ළමුන් අපයෝජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මගින් පැවැත් වූ විමර්ශනයට සහයවීම සඳහා ද ඇය කැඳවා තිබුණි. කෙසේ වෙතත් එම විමර්ශනවලින් ද ඇය ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද වරුණි බෝගහවත්ත මහත්මියට ස්ථාන මාරුවීමක් ලබාදී තිබුණි. ඇය වඩාත් කතාබහට ලක්වූයේ, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා තරුණියන් අපයෝජනයට ලක්කල බව කියන සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනයත් සමගය.