පක්ෂය හොඳ නැත්තම් වෙන පක්ෂයකට යන්න රනිල් කියයි..

පක්ෂය හොඳ නැත්නම් ලලිත් ඇතුලත්මුදලි වගේ වෙන පක්ෂයක් හදලා ඡන්දෙ ඉල්ලන්න - රනිල් සංවේදීව කියයි..

by Staff writer 29-07-2020 | 10:55 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,

එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා අපිට විරුද්ධව වැඩ කරන අය පිළිබඳව විනය පරීක්ෂන. ඒ විනය පරීක්ෂණ වලින් මේ පක්ෂයේ විනය නිතිය උල්ලංඝනය කරලා තියෙනවා. සමාජිකයෝ ඉවත් කරන්න ඕන කියන ඒ සියල්ලම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වෙලා සියල්ලම සලකලා බලලා අපේක්ෂකත්වය දරන මම හිතන්නේ 54 ක් නේද ? 54කුත් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුනු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු ඉවත් කරන්නට කියලා ඒ තීරණය අරන් ඉවරයි. ඒ තින්දුව ලේසියේන් ගත්ත එකක් නෙවෙයි. ගොඩක් හිතලා මතලා ගන්න වුනු තිරණයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව තිබුනු දෝෂාභියෝගය. ගාමිණි දිසානායකයි ලලිත් ඇතුලත්මුදලියි මමයි මිත්‍රයෝ. තුන්දෙනාම නිතිඥයෝ. ලලිතුයි මමයි එක සැරේ දේශපාලනේට ඇතුලත් වුනේ. ගාමිණි එක්ක මම හොදින් හිටියා. ළගින් හිටියා. ඒ අවස්ථාවේ මට පළමුවෙන් මතක් වුනේ මම පළමුවෙන් ඉන්න ඕන මගේ පක්ෂේ එක්ක. අපේ ලේ වල තියෙන මේ පක්ෂයෙකන් ඉවත් වෙලා යන්න බෑ. ඒ එදා කවුද ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ඉන්නේ කියලා දැනගෙන හිටියේ නෑ. මම කතා කරද්දි ඒ කාර්යාලයෙන් ඹබතුමා අපිත් එක්කද? මම කිව්වා මම යු. එන්. පී. ඔබතුමා යු. එන් . පී නම් මමත් යු. එන්. පී. එක සැරේම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විධායක සභාවක් කැදවලා ඒ වේලාවෙම සම්බන්ධ වුනු මන්ත්‍රීවරු සියල්ලම ඉවත්කරා. මම දන්නවා මේ රනිල් යාළුවෝ කියලා ඒත් මේක කරන්න ඕන කියලා කිව්වා. එතුමා ඒක කරලා ඒගොල්ලෝ වෙන්වෙලා ගිහිල්ලා වෙනම පක්ෂයක් හැදුවා. රාජ අලියා පක්ෂය. රාත්‍රියේ වුනේ. මම ගියා පාන්දර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හම්බවෙන්න. මම කිව්වා සර් මම තිරණය කරා ඇත්ත වශයෙන්ම පක්ෂය ආරක්ෂා කරන්න ඕන යාලුකම් පැත්තකට දාලා හරි මම ක්‍රියා කරා කියලා. එතකොට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා , ඒක හරියටම හරි කියලා ඔබතුමා පක්ෂ ගැන හිතන්න ඕන කියලා කිව්වා. මම ගාමිණී, ලලිත්ට කියන්නේ ප්‍රේමදාසට කැමති නැත්නම් කැබිනට් මණ්ඩලයෙන් අයින් වෙලා පක්ෂය‍ෙ ඉඳගෙන ප්‍රේමදාසට විරුද්ධව සටන් කරන්න කියලා. ඒත් ගිහින් දෝෂාභියෝගය කරන එක හරි නෑ . කියලා කිව්වා. අනික ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන මට එකක් මතක් වුණා. එතුමා අගමැති හිටිය කාලේ මට කිව්වා මිනිස්සු මං ගැන එක එක ඒවා කියනවා. මාව අගමැති කළේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමාගෙන් පස්සේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ තනතුරට එන්න. ඒත් එතුමගේ අගමැති හැටියට වැඩ කරන කාලෙක කිසිවිටෙක මමත් එතුමත් අතර විශාල ප්‍රතිපත්ති ප්‍රශ්නයක් ඇති වෙනවා නම් දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙනවා නම් රනිල් මම එකක් කියනවා, එදාට මම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා .මම මේ නායකයාට විරුද්ධව යන්නේ නෑ කියලා කිව්වා. අන්න එහෙමයි අපි හැදිලා තියෙන්නේ. අපි ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක අන්තිම වෙනකන් හිටියා. එතුමා ඝාතනය කරපු වෙලාවේ මටයි ගිහින් වැඩ කටයුතු භාර අරගෙන රටේ පාලනය භාර අරගෙන එතුමාගේ දේහය හොයාගන්න සිද්ධ වුණේ. අපිට කාටවත් පක්ෂයෙන් විරුද්ධව යන්න බෑ .එහෙනම් පක්ෂය අතහැරල යන්න තියෙන්නේ. නැත්නම් පක්ෂයේ තීරණ ගන්න තියෙන්නෙ. එච්චරයි තියෙන්නේ. තමන්ට මේ පක්ෂ හොඳ නැත්නම් ලලිත් ඇතුලත්මුදලි කරා වගේ වෙන පක්ෂයක් හදලා එතනට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලන්න. මට නවත්තන්න බෑ ඒක නීතියෙන්. පක්ෂයෙන් ඉවත් වෙලා යන්න. ඒකයි ලලිත් ඇතුලත්මුදලි කරේ .ඉතින් මෙතනින් පිට වෙලා ඉන්න අය එතනට ගිහිල්ලා පක්ෂයක් හදන ඕන නම් කරන්න. නැත්නම් පොහොට්ටුවට බැඳෙන්න. මෙතැනට ඇවිල්ලා කියන්න එපා නියම එක්සත් ජාතික පක්ෂය කියලා හානි කරන්න එපා. ඒක කෙලෙහි ගුන සැලකීමක් නෙවෙයි. බණ්ඩාරනායක මැතිතුමා අපෙන් ඉවත්වෙලා ගිහිල්ලා මෙහෙම පක්ෂයක් හදලා ඒ පක්ෂයෙන් අපිව පරාජය කළා. ඒක වෙන එකක්. මම හැමදාම මෙතන නෑ. මට ඉන්න වුවමනාවකුත් නෑ. මේ ගත්ත තීරණය ලේසියෙන් ගත්ත තීරණය කුත් නෙමෙයි. ගොඩක් හිතලා බලලා නීතිඥයන් ගේ උපදෙස් මත මම මේක අරගත්තේ.
https://www.facebook.com/NewsfirstSL/videos/714857419310552/