නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා...!

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා, වරාය සේවකයින් සත්‍යග්‍රහයක..

by Staff writer 29-07-2020 | 10:45 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වහාම වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නැයි බල කරමින් වරාය වෘත්තීය සමිති අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

අද දහවල් වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියේජිතයින් නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට බදුදීමේ යෝජනාවට විරෝධය පළ කරමින් වරාය අධිකාරිය ඉදිරිපිටට පැමිණ විරෝධාතාවයක් ආරම්භ කළහ.
විරෝධතාකරුවන් පිරිස වරාය ප්‍රධාන පිවිසුමේ සිට ලෝඩන් බැස්ටියන් හෙවත් එල් බී දොරටුව දක්වා පාගමනින් පැමිණියහ.
එහිදී වරාය භූමිය හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ අයුරු දක්නට ලැබුණි. පිරිස වරාය ප්‍රධාන පිවිසුමේ සිට ලෝඩන් බැස්ටියන් හෙවත් එල්. බී. දොරටුව දක්වා පා ගමනින් පැමිණියහ. පසුව නැගෙනහිර පර්යන්තය සුරකීමේ වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සංසදය අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. මේ අතර අද පෙරවරුවේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සංසදය සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය වේඩරුවේ උපාලි අනුනාහිමියන් බැහැ දුටුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/732085210959160/