ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා වන මිල ගණන් ගැසට් කෙරේ

ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා වන මිල ගණන් ගැසට් කෙරේ

by Staff writer 29-07-2020 | 5:45 PM

COLOMBO (News 1st) - ඩෙංගු රුධිර පරීක්ෂාව හා පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා වැඩි මිල ගණන් අය කරන රෝහල් සහ රසායනාගාරවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඩෙංගු රුධිර පරීක්ෂාව සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. එම ගැසට් නිවේදනයට අනුව පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 400 ක උපරිම මිලක් අය කළ යුතුයි. එම ගැසට් නිවේදනයට අනුව ඩෙංගු රුධිර පරීක්ෂාව සඳහා අය කළ හැකි උපරිම මුදල රුපියල් 1200 කි. එම මිල ගණන් ඉක්මවා අය කරන ආයතන පිළිබඳව 1977 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.