ලෙඩ ඇදට වැටුණු ජෝර්දානයේ ලාංකිකයින්

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු ලෙඩ ඇදට වැටුණු ජෝර්දානයේ ලාංකිකයින්

by Staff writer 29-07-2020 | 8:42 PM

COLOMBO (News 1st) - ඉකුත් සඳුදා ජෝර්දාන පොලීසියේ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිහිපදෙනෙකු තවදුරටත් අසනීප තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

එම ශ්‍රමිකයින් ඉල්ලා සිටින්නේ, තමන්ට අවශ්‍ය ‍වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසයි. ජෝර්දානයේ මෙලෙස පීඩාවිඳිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා පිරිසක් අද විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ මෙරට ශ්‍රමිකයින්ගේ මව්පියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. මේ අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි දිවයිනට ගෙන්වා දෙන ඉල්ලා සමගි ජනබලවේගය අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් ද භාර දුන්නේ ය. අද තව ත් ස්ථාන කිහිපයකදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳව අවධානය යොමුවිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට යළි අරඹන බව ජනාධිපති කාර්යාලය පැවසුවේ ය. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අනිද්දා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/217238599558445/