ශ්‍රී ලාංකිකයන් 29ක් දිවයිනට

කටාර් සිටි තවත් ලාංකිකයන් 29 ක් දිවයිනට

by Staff writer 29-07-2020 | 10:59 AM
COLOMBO (News 1st) : කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඔවුන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට මෙරටට පැමිණි බවයි. මේ අතර, එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දිවයිනට පැමිණ තිබේ. එම පිරිස ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ. මෙරටට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.