දින 11කට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට

දින 11කට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට

දින 11කට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට

කර්තෘ Staff writer

29 Jul, 2020 | 8:04 am

COLOMBO (News 1st) : දින 11 පුරා ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සිට අවසන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, අද උදෑසන 7.30 සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම තීරණයට එළැඹියේ අග්‍රාමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් විමසා සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකඟතාව පළ කළ බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා හමුවේ එකඟතාව පළ කළ බව ද එම නිවේදනයේ දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]