සමගි ජන බලවේගයේ 54කගේ එජාප සාමාජිකත්වය අහෝසියි

සමගි ජන බලවේගයෙන් තරග කරන 54 කගේ එජාප සාමාජිකත්වය අහෝසි කෙරේ

by Staff writer 28-07-2020 | 1:39 PM

COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන 54 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකුගේ ද සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ඒ බව ප්‍රකාශ කළේ , අද පැවැති මාධ්‍ය හමුවකදී ය.