මැදමුලනේ ගමකටත් බොන්න වතුර නැහැ

මැදමුලනේ ගමකටත් බොන්න වතුර නැහැ

by Staff writer 28-07-2020 | 10:04 PM
COLOMBO (News 1st) :  ඡන්දෙ කාලෙට ඇහෙන පොරොන්දු අතර ඉහළින්ම තියෙන්නේ හැම ගමකටම වතුර දෙනවා කියන පොරොන්දුව... නමුත් බොන්න සුදුසු වතුර ටිකක් නැති ප්‍රශ්නයෙන් මේ රටේ ජනතාව කොච්චර පෙළෙනවා ද කියන එකට මේ කතාව හොඳ නිදසුනකි. මේ මැදමුලන ගම්මානයේ ගම්මු...... මේ මිනිස්සු අදටත් ජල හිඟයෙන් පීඩා විඳිති. හම්බන්තොට මැදමුලන, පල්ලෙමුලන ගම්මානයේ පවුල් 30ක ජනතාව උදේ හවස වතුර ගන්න ගොඩක් දුර පයින් ඒමට සිදුව තිබේ. වීරකැටිය කපුගම්පොත මාර්ගයේ දෙපස ජීවත්වෙන මේ ජනතාව වතුර බූලි දෙක තුනක් විල්බැරෝවෙ දාගෙන ගමටම තියන එකම ළිද ළඟට එන්නේ බොන්න සුදුසු වතුර ටිකක් ගෙන යාමට පමණක් නොවේ. අනෙකුත් සනීපාරක්ෂක කටයුතුවලට අවශ්‍ය වතුරත් රැගෙන යනුනෙත් මෙම ස්ථානයෙනි. ගම්මුන් පවසන්නේ අවට ගම්මාවලට නළ ජලය ලබාගැනීමේ වාසනාව තිබුණ ද තමන්ට ජලය නොදෙන්නේ ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති නිසා බවයි. ''දෙපැත්තෙන්ම වතුර ඇවිල්ල තියෙනවා අපේ ගමට විතරයි වතුර නැත්තේ'' ලොකු ලොකු අයට එක එක ලොකු හීන තිබුණත් මේ ගමේ අයට තියන එකම හීනේ බීමට පිරිසිදු පානීය ජල බිඳක් ලබා ගැනීමයි. ජීවිත කාලෙම වතුර නැති මිනිස්සු මේවයි ඉන්නවා. අපිට තියෙන්නේ ලවන තියන වතුර, බතක් ඉව්වත් බත රතුපාට වෙනවා. අපේ දුක ඇහුවේ නෑ කවුරුවත්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ජනාධිපතිතුමයි ගම මේක සමහර විට ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති. ජනාධිපතිතුමාගෙන් අපි අහන්නේ එතුමාගේ ගමට හරි වතුර ටික දෙන්න කියලා. ගම්මුන්ගේ ප්‍රාර්ථනාව වී ඇත්තේ,  දකුණේ, මැදමුලනේ - පල්ලෙමුලනතමන්ගේ දුකත් බලධාරීන්ට ඇසේවා කියලයි. https://www.facebook.com/NewsfirstSL/videos/401226090854420/