මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු කෙසෙල්වත්තේදී අත්අඩංගුවට

by Staff writer 28-07-2020 | 1:57 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කෙසෙල්වත්ත, මිරානියා වීදිය ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සමග සැකකරු අත්අඩගුවට ගෙන ඇති බවය. කොළඹ 12 මිරානියා වීදිය ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු බව පොලීසිය පැවසීය. පොලීසිය පැවසුවේ, සැකකරු මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමට පෙර ඩුබායිහිදී පවත්වන ලද සාදයකට ද සහභාගි වූ අයෙකු බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණවී ඇති බවය.