PHI වරුන්ගේ ඉල්ලීම්වලට අදවත් විසඳුම් ලැබෙයි ද?

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද අගමැති සමග සාකච්ඡාවක

by Staff writer 28-07-2020 | 11:03 AM

COLOMBO (News 1st) - වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, එහිදී සිය ඉල්ලීම්වලට සුබවාදී ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවය. එතෙක් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බව ද ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 11 ක් වේ. ඔවුන් එලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ පසුගිය දා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි.