පින්නවලින් අලි දෙන්නෙක් පැනලා ගිහින්

පින්නවලින් අලි දෙන්නෙක් පැනලා ගිහින්

by Staff writer 28-07-2020 | 10:10 PM
COLOMBO (News 1st) : පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිටි අලින් දෙදෙනෙකු අද රක්ෂිත භූමියෙන් පැන ගොස් තිබේ. පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලින් අද උදෑසන නෑවීමට රැගෙන යන අවස්ථාවේ අලින් දෙදෙනෙකු පැන ගොස් ඇති බව අප වාර්තාකරු පැවසී ය. එලෙස පැනගියේ රංගිරි අලියා සහ තවත් අලියෙකි. පින්නවල අලි සංරක්ෂණාගාරයේ නිලධාරීන් පැවසුවේ, අදාළ අලින් දෙදෙනා අතර යම් ගැටුමක් ඇති වී අනතුරුව අලි දෙදෙනා හිරිවඩුන්න අන්දිරමඩ ප්‍රදේශයට පැන ගිය බවයි. එක් අලියෙකු මෙල්ල කර ගැනීමට හැකිවූ නමුත් රංගිරි නම් අලියා මෙල්ල කර ගැනීමට නොහැකි වී තිබේ. මෙම සිදුවීමෙන් ප්‍රදේශයේ වගාවන්ට , නිවාසයකට හා තවත් ඉදිරිකිරීම් කිහිපයකට හානි වී ඇතැයි අප වාර්තාකරු පැවසී ය. කෙසේවෙතත් අවසානයේ පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය එක්ව මෙල්ල කර ගැනීමට නොහැකි වූ රංගිරි අලියා නිර්වින්දනය කොට නැවත සංරක්ෂණාගාරයට රැගෙන විත් තිබේ. පින්නවල අලි සංරක්ෂනාගාරයේ නිලධාරීන් පැවසුවේ, ජාත්‍යන්තර නීතින්වලට අනුව දම්වැල් නොමැතිව මෙම අලින් සිටීම නිසා මෙලෙස පලා යාමට හේතු වූ බවයි.   https://www.facebook.com/NewsfirstSL/videos/304349297536065/