ගෙලිඔය රිය අනතුරකින් තිදෙනෙකු මරුට

ගෙලිඔය රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මරුට

by Staff writer 28-07-2020 | 7:12 AM

COLOMBO (News 1st) - පේරාදෙණිය - ගම්පොල මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 53 සහ 54 යන වයස්වල පසුවන වෙලම්බොඩ පදිංචි අඹුසැමි යුවලක් හා ගෙලිඔය පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ ගෙලිඔය දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටුණු පදිකයෙකු පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යට වී ඇති බවයි. අනතුරුව අදාළ ත්‍රීරෝද රථය මෝටර් රථයක ද ගැටී පෙරළී තිබේ. පොලීසිය පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු, පදිකයා සහ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු හා පදිකයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/282403846397580/