by Staff writer 28-07-2020 | 4:36 PM
COLOMBO (News 1st) : ටී.56 ගිනි අවියක් හා ජීව පතොරම් 22 ක් සමග වැල්ලව නිකදළුපොතදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරක් මත එම ගිනි අවිය, ජීව උණ්ඩ 22 ක් හා මැගසිනයක් සොයා ගත් බවයි.
එම ගිනි අවිය ගෙවත්තක පිටුපස ප්ලාස්ටික් බාජනයක ග්‍රීස් ගල්වා වළ දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද සොයා ගනු ලැබ තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, පෑලියගොඩ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මල්වත්තේ මංජු නමින් හඳුන්වන අයෙකුට අයත් බවයි.
යම් අපරාධ ක්‍රියාවකට යොදා ගැනීමෙන් පසුව ගිනිඅවිය පෑලියගොඩ ප්‍රදේශයෙන් බැහැරට ගෙන ගොස් අත්අඩංගුවට ගත් පුද්ගලයා භාරයේ සඟවා තබා ඇති බව අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.