COLOMBO (News 1st) : ඡන්දය දිනයේ උදෙන්ම ගොස් ඡන්ය ප්‍රකාශ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.
''තමුන්නාන්සේලාගේ ඒ වටිනා ඡන්දය අපතේ යවන්න එපා. ඡන්ද පොළට යන්න ඕන උදේ පාන්දරින්. මොකද මේ දවස්වල උදෙන්ම ඡන්දේ ටික දාන්න නැත්තම් හවස් වෙනකොට මොකක් වෙයිද දන්නේ නෑ''
බංකොලොත් තත්ත්වයකට වැටුණු යුගයකට මුහුණ දීමට සිදුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.
''ආර්ථික අංශයෙන් පෙන්නන හැම අශයෙකින්ම අපි උඩට ඇවිල්ලා තිබුනේ හාමුදුරුවනේ. ඒවා ඔක්කොම පහතට වැටිලා රටේ බංකොලොත් තත්තවයකට වැටිච්ච යුගයක් අපිට අද මුහුණ පාන්න වුණා''
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ මාවතගමදී පැවති ජන හමුවක් අමතමිනි.
https://www.facebook.com/NewsfirstSL/videos/2716760395249825/