11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඇරඹේ

පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඇරඹේ

by Staff writer 27-07-2020 | 7:57 AM

COLOMBO (News 1st) : කොරෝනා වසංගතය උත්සන්න වීම හමුවේ පසුගියදා නිවාඩු ලබාදුන් පාසල්වල 11 , 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බවයි. එම ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කරන ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය. මේ අතර පාසල්වල සියලු ශ්‍රේණි ලබන 10 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරීමේදී අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රමවේදයන් ඇතුළත් චක්‍රලේඛයක් ඉදිරි දින කිහිපයේ නිකුත් කිරිමට අපේක්ෂා කරන බවයි. මේ අතර ලබන 28, 29 , 30 සහ 31 දෙදින සියලු විදුහල්පතිවරුන් පාසලේ රැඳී සිටිය යුතු ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් එලෙස විදුහල්පතිවරුන් පාසල් වෙත කැඳවා ඇති බවයි. මේ අතර නැවත දැනුම්දෙන තුරු පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.