කොරෝනා ආසාදිතයින් ගණන 2,804ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 2,804ක් දක්වා ඉහළට

by Staff writer 27-07-2020 | 7:25 PM

COLOMBO (News 1st) - අද දිනයේ මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 22ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් ආසාදිතයින් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් පිරිසකි. අනිත් ආසාදිතයින් 5දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,804 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.