ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 27-07-2020 | 8:45 AM

COLOMBO (News 1st) : රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රියක් අලව්වේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රියේ සිටි මගීන් වෙනත් දුම්රියක් මගින් මේ වනවිට කොළඹට රැගෙන එමින් සිටින බවද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය.