රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩු වෙත..

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩු වෙත යොමු කෙරේ

by Staff writer 26-07-2020 | 12:13 PM

COLOMBO (News 1st) - IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ, ඔහු සමග ප්‍රතිකාර ලැබූ තව ත් අයෙකු ද කන්දකාඩු වෙත යෙමු කළ බවය. IDH රෝහලෙන් පළා ගොස් සිටියදී සොයා ගත් රෝගියාගෙන් සමාජයට කොරෝනා ව්‍යාප්තවීමට ඇති බලපෑම ඉතා අවම බව ද ඔහු ප්‍රකාශ කළේ ය.