COLOMBO (News 1st) : දේශපාලනයේදී සිදුවන සමහර අසාධාරණකම් නිසා උරණ වෙලා ගැටුම් ඇති කර ගන්න අවස්ථා අපි දකින්නෙමු.
නමුත් එල්ලවන පීඩනය කෝපයක් වෙනුවට වේදනාවක් බවට පත්වුණු අවස්ථාවක් අද වැල්ලවායේ ජන හමුවකදී දකින්න ලැබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා එම ජන හමුවේදී ඉතා හැඟීම්බරව ජනතාව ආමන්ත්‍රණය කළේය.
"පුෂ්පකුමාර පරද්දන්න බැහැ. පුෂ්පකුමාර පස් වැනිදාට ඉස්සෙල්ලා මරන්න ඕන කියලා සාකච්ඡා කරපු තැන් මට තොරතුරු ලැබෙනවා. පුෂ්ප කුමාර ඝාතනය කිරීමේ සැලැස්මක් තියෙනවා හාමුදුරුවනේ. තමන්ගේ තනතුර සඳහා මිනිහෙක් මරල ගන්න තනතුරේ වටිනාකම මොකක්ද. මාව ඝාතනය කරත් අවසාන මොහොත දක්වා ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම මම ඉෂ්ඨ කරන්න ලෑස්ති කියන පණිවිඩය මම දෙනවා . අවුරුදු 25ක් තිස්සේ මම දේශපාලනය කළා. මම යූඑන්පී කාරයත් එක්ක හැප්පිලා දේශපාලනය කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුව බිබිල ආසනේ ඡන්ද විස්සෙන් දෙනකොට සොයිසා මහත්තයා හැප්පි හැප්පි හඩපු නිසා තමයි අද විසි දෙදාහක් වැඩි ඡන්ද ගත්තේ. ඡන්ද තුන් දාහක් එන් දෙනකු මොණරාගල ආසනය සුමේධා ජයසේන මැතිණිය ගොඩනගපු නිසා තමයි 30000 කින් දිනුවේ. 3000කින් දිනපු මොනරාගල 55,000කින් දිනුවේ මම කරපු කැපවීම නිසා කියන එක ද සමහරුන්ට අමතක වෙලා හාමුදුරුවනේ. අපි ශ්‍රී ලංකා එක ගොඩනගපු නිසා තමයි අපි යූඑන්පී එකට ගියේ නැහැ. අපි දේශපාලනය කරේ හැමදාම මේ පක්ෂය ගොඩනගන්න. 2015 ජනවාරි මාසේ පස්වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනවන්න මේ පැල්වත්ත හන්දියේ දහදාහක් ගෙනහල්ලා රැස්වීම් කරල කටයුතු කළේ මේ ජගත් පුෂ්පකුමාර මිසක් එක අප්පුහාමි කෙනෙක් හිටියෙ නෑ හාමුදුරුවනේ. හැබැයි පැරැද්දුවේ අපි නෙමෙයි . දැන් ගෙනල්ලා කතා කරලා අපිට කටයුතු කරන ආකාරය. නින්දිතයි.ඇයි මේ .. මේකේ හිටපු සොයිසා මහත්තයා පන්න ගත්තා. මේක හදපු පුෂ්පකුමාර දැන් පන්නන හදන්නේ. මේක හදපු සුමේධ නෝනා දැන් පන්නන්න හදන්නේ . ඒක තමයි මේ ගොල්ලන්ගේ ඉලක්කය.