ළමා අපයෝජන ගැන පොලීසියෙන් අනාවරණයක්..

සෑම පැය 2කට වරක්ම මෙරට ළමා අපයෝජනයක් සිදුවන බවට අනාවරණයක්

by Staff writer 26-07-2020 | 8:30 PM

COLOMBO (News 1st) : සෑම පැය 2කට වරක්ම මෙරට දරුවෙකු අපයෝජනයට ලක් වන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ළමා අපයෝජනයන්ගෙන් 70% ක්ම ළඟම ඥාතීන් හෝ ළඟම හිතවතුන් අතින් සිදුවන බවයි. ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි නොකරන සිද්ධීන්ද සිදුවන බව පොලීසිය සඳහන් කළේය. සංචාරකයින් මුවාවෙන් මෙරටට පැමිණ ළමා අපචාරවල යෙදුණු පුද්ගලයින් පිළිබඳව අප මීට පෙර අවස්ථාවල දී වාර්තා කර තිබේ. දරුවෙකුට සිදුවන ඕනෑම අකටයුත්තකට පැමිණිලි කිරීමට 1929 ඇමතිය හැක. https://www.facebook.com/NewsfirstSL/videos/344126866586843/