මීගමුව බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කළ 4 ක් කොටු

මීගමුව බන්ධනාගාරයට තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය පාස් කළ 4ක් අත්අඩංගුවට

by Staff writer 26-07-2020 | 7:42 AM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ තාප්පවලට ඉහළින් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ බන්ධනාගාරයට විසි කළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර තරුණියන් දෙදෙනෙකු ද වන බවයි. ඔවුන් 19 හා 21 හැවිරිදි තරුණියන්ය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලීසියට කළ දැනුම් දීමක් අනුව මීගමුව පොලිස් ස්ථානධිපතිවරයා කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව, කදිරාන හා ඒත්තුකාල ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. පොලීසිය සඳහන් කළේ, දැනට රක්ෂිත බන්ධානාගාරගතව සිටින පුද්ගලයින් හා මෙම පිරිස අතර සබඳතාවක් ඇති බවයි.