මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා තේරීම්භාර නිලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක්

by Staff writer 26-07-2020 | 7:23 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳ වූ බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඒ, එළඹෙන 5 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ඔවුන් සමග සාකච්ඡා වට 2 ක් අද දිනයේදී පැවැත්වෙනු ඇති. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද විමසීම පැවැත්වීම හා ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.