by Staff writer 26-07-2020 | 9:40 PM
COLOMBO (News 1st) : නුවරඑළිය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් රෝහල්ගත කර තිබේ.
ඔහු බගවන්තලාව - හැටන් ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී පළමුව ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සඳහන් ය.
අදාළ පිරිස ඔහුට පහර දී ඇත්තේ ඉන් අනතුරුවයි.
තුවාල ලැබූ එම අපේක්ෂකයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහලට මාරු කර යවා තිබේ.